LIVE UPDATES


PaidVerts

Friday, May 16, 2014

ඇඩ්සෙන්ස් මුදල් ගෙවන්නේ කෙසේද?





ඔබට මුදල් ඔන්ලයින් බැංකු ගිණුම් වලට මුදල් එවන්නේ නැත.එක් මසකදී 100$ වඩා
වැඩියෙන් ඔබේ ඇඩ්සෙන්ස් ගිණුමේ මුදල් පිරුණු පසු චෙක් පතක් ඔබගේ නිවසටම ලැබෙනු ඇත.
එමෙන්ම ඔබගේ ඇඩ්සෙන්ස් ගිණුමේ  100$  පිරුණු විට ගුගල් ඇඩ්සෙන්ස්
විසින් පින් නම්බර් එකක් ඔබගේ ගෙදරට එවනු ලැබේ. එය ඔබගේ ලිපිනය තහවුරු කර
ගැනීමට ඔවුන් විසින් එවනු ලැබේ. ඒ ගැන සම්පූර්ණ විස්තර අප වෙබ් අඩවියේ
පවතී.දිගටම රැදි ඉන්න.


ඇත්තටම ඇඩ්සෙන්ස් වලින් මුදල් හොයන්න පුලුවන්ද????



ඇඩ්සෙන්ස් වලින් මුදල් හොයන්න පුලුවන්ද?

ඔව්, මටත් ඔය ගැටලුව මුලින් තිබුණා.මොකද අද ලංකාවෙ හොර වෙබ් ගොඩක් තියෙනව.
මාසෙට 50,000 ඔබේ අතේ කිය කිය බොරැ වෙබ් දාන අය නිසා, e money වල විශ්වාසනීයත්වය නැතිවෙලා.
ඒක නිසාම තමයි මටත් Adsense වලට Blog එකක් වෙනමම ලියන්න හිතුවෙ.
හරි එහෙනම් වැඩේට බහිමු.
මුලින් අපිට කෙහොම උනත් කට්ටක් කන්නවෙනව. blog එකක් හදන්න සහ visitors la ගෙන්න ගන්න.
නැත්නම් ඇඩ් ක්ලික් කරන්නෙ කවිද??
අන්තර්ජාලයෙන් මුදල් සෙවිය හැකි විස්වාසනිය; දීර්ග කාලින
ක්‍රමයක් තමා ඇඩ්සෙන්ස් කියන්නේ කෙටියෙන්ම කිවොත් ඇඩ්සෙන්ස් මගින් මුදල්
සෙවීම සීමාවක් නෑ

ගුගල් ඇඩ්සෙන්ස් කියන්නනේ ලොව විශාලතම Paid to Click දැන්වීම්
වැඩසටහනයි ( මෙය ඇඩ්ස් ක්ලික් කරන සයිට් එකක් නම් නෙවේ). ලොව
හොදම අන්තර්ජාල ඇඩ්වටයිසින් නෙට්වොර්ක් එකකි මෙම
ආයතන මගින් ලබා දෙන ඇඩ්ස් අපගේ වෙබ් සයිට් , බ්ලොග්, යු ටියුබ්
හරහා ප්‍රචාරය කර අපිටද publisher
කෙනෙක් විදිහට මෙම ආයතන තුල ලියාපදිංචි වී මුදල් සෙවිය හැක.
ගුගල් ඇඩ්සෙන් මගින් අපිට කොමිස් මුදලක් දෙනු ලබයි එය නම් ඔබගේ වෙබ් අඩවියේ
 තුල ඇති දැන්වීම් ඔබගේ වෙබ් අඩවියට පැමිණෙන අයකු විසින්
ක්ලික් වූ විට ඔවුන් ඔබට 68% මුදල් ප්‍රමාණයක් ඔබට ගෙවනු ලබයි
උදාහරණයක් ලෙස ගුගල් ඇඩ්සෙන්ස් වල ඇඩ්ස් දෙන කස්ටර්ම කෙනෙක් ඔහුගේ
ඇඩ් ක්ලික් එකකට 1$ ගෙවනවා යැයි  සිතුවොත් ඔබට එම ඇඩ් එකකින් 68% ක්
ලැබෙනු ඇත. එසේ නම් 0 .68$ ක් ඔබට ලැබෙනු ඇත.

ඉතින් ඔබගේ වෙබ් අඩවියට පැමිණෙන විසිටර්ස්ලා ප්‍රමාණය ඉතා ඉහල නම් ඔබටද මාසිකව ඉතා ඉහල අදායමක් ලැබිය හැක.

කරන්න තියා හිතන්නවත් හොඳ නැති වැඩ

මෙන්න තියෙනවා ඔය ගොල්ලො කරන්න තියා හිතන්නවත් හොඳ නැති වැඩ ටිකක්



1.ස්පෑම් කරන එක

ස්පෑම් කරනවා කියන්නෙ ඉවක් බවක් නැතුව හැම තැනම ඔයාගෙ වෙබ් අඩවියෙ ලිපිනය හැම තැනම පෝස්ට් කරන එක.ඔයා ස්පෑම් කරල ගූග්ල් ලට මාට්ටු උනොත් ඉතින් ගෙදර තමා.



2.දැන්වීම් උඩ ක්ලික් කරන්න කියල වෙබ් අඩවියෙ ලියන එක.

සමහරු කරන්නෙ තමන්ගෙ වෙබ් අඩවියෙ දැන්වීම් ලඟින් තම්නගෙ දැන්වීම් උඩ ක්ලික් කරන්න කියල ලියා ගන්නවා.මේ වගෙ මෝඩ වැඩ නම් බැරි වෙලා වත් කරන්න එපා.



3.ක්ලික් ක්ලබ්ස් වලට බැඳෙන එක

සමහර සමාජ තියෙනවා "ක්ලික් ක්ලබ්ස්" කියලා.ඒ වල වෙන්නෙ එක එක සාමාජිකයෝ අනිත් අයගෙ දැන්වීම් උඩ ක්ලික් කර ගන්න එක.ඔව දැන් කල් පැනපු වැඩ.ඕව දැන් ඉක්මනට මාට්ටු වෙනවා.



4.යාලුවන්ට ක්ලික් කරන්න කියල ඊමේල් යවන එක

කවදාවත් යාලුවන්ට තමන්ගෙ වෙබ් අඩ්වියෙ තියෙන දැන්වීම් ක්ලික් කරන්න කියල කියන්න එපා.ඔයාලව නිකන්ම බෑන් වෙයි.



5.ඉන්ටනෙට් කැෆෙ එකකට පැනල දැන්වීම් ක්ලික් කරන එක

ඉන්ටනෙට් කැෆෙ එකකට පැනල දැන්වීම් ක්ලික් කරත් එකයි ගෙදර ඉන්ඩන් ක්ලික් කලත් එකයි.එකම වෙනස තමා කැෆෙ එකෙදි නෙට් යන්න සල්ලි යන එක.ඔය වගෙ දෙකයි පනහෙ ට්‍රික්ස් දාල අඩ්සෙන්ස් ලව රවට්ටන්න ඔයාලට බෑ.



6.සින්ග්ලිශ් වලින් danweemak uda click karanna කියල ලියන එක

ඔන්න ඉතින් අපෙ අය කරන තවත් එක් ගොන් වැඩක්.ගූග්ල් ලට ඔයගොල්ලො හිතනවට වඩා මොලේ තියෙනවා.


7.දැන්වීමක් උඩ ක්ලික් කරන්න එපා කියල ලියන එක

අනෙ සමහරුන්ටත් එන අදහස්.ඕක කවුරු හරි අත්හදා බලන්න ඉන්නවා නම් මට කියන්න තියෙන්නෙ එක දෙයයි.ඕනි නැට්ටක් කර ගන්න.


අන්තිම අවවාදය , මොකුත් හොර වැඩ කරන්න එපා.

ඇඩ්සෙන්ස් කියන්නෙ මොකක්ද ?

ඇඩ්සෙන්ස් කියන්නෙ මොකක්ද ?

 

ඇඩ්සෙන්ස් කියන්නෙ ගූග්ල් ලගෙම කොටසක්. ඇඩ්සෙන්ස් වලින් අපිට පබ්ලිශර් කෙනෙක් වෙලා සල්ලි හොයන්න පුලුවන්. ඇඩ්සෙන්ස් ලගෙ ඇඩ්ස් අපි අපෙ ස්යිට්ස් වල , බ්ලොග්ස් වල පොස්ට් කලාම , කව් රු හරි ගිහින් ඒව උඩ ක්ලික් කලොත් ඇඩ්සෙන්ස්ලා අපිට සල්ලි ගෙවනව. හොඳයි නේද වැඩෙ , අපි මහන්සි වෙන තරමට ප්‍රතිපලත් තියෙනව. ඔන්න ඉතින් අනිත් වෙබ් අඩවි වල වගෙ මට නම් ඔය ගොල්ලොනව අඩ්සෙන්ස් වලින් මිලියන ගනන් හොයන්න පුලුවන් කියල ගොනාට අන්දන්න ඕනි නෑ.කොහොමටට් ඊවගෙ ගානක් නම් ඉටින් අපිට හොයන්න බෑ. ( එහෙනම් මෙලහකටට් අඩ්සෙන්ස් ල බන්කොලොත් වෙලනෙ ! ) .ඇඩ්සෙන්ස් ල අනිත් දෙකයි පනහෙ කොම්පැනි වගෙ හොර කරන්නෙ නෑ , ගෙදෙට්ටම චෙක් එකකින් සල්ලි එවනව.

ඕකෙන් ඇඩ්සෙන්ස් ලට තියෙන වාසිය මොකක්ද ?

ඇයි , ඒ ගොල්ලොන්ට සීයට ගානක් හම්බ වෙනව. එක දවසකට ඩොලර් මිලියන ගානක් ඕකෙන් අඩ්සෙන්ස් ල හොයනව ඇති.අපිට නම් ඉතින් ඒ තරම්ම බෑ. ඊත් මහන්සි වෙන හටියට පුලුවන්......


 

PaidVerts