LIVE UPDATES


PaidVerts

Friday, May 16, 2014

කරන්න තියා හිතන්නවත් හොඳ නැති වැඩ

මෙන්න තියෙනවා ඔය ගොල්ලො කරන්න තියා හිතන්නවත් හොඳ නැති වැඩ ටිකක්



1.ස්පෑම් කරන එක

ස්පෑම් කරනවා කියන්නෙ ඉවක් බවක් නැතුව හැම තැනම ඔයාගෙ වෙබ් අඩවියෙ ලිපිනය හැම තැනම පෝස්ට් කරන එක.ඔයා ස්පෑම් කරල ගූග්ල් ලට මාට්ටු උනොත් ඉතින් ගෙදර තමා.



2.දැන්වීම් උඩ ක්ලික් කරන්න කියල වෙබ් අඩවියෙ ලියන එක.

සමහරු කරන්නෙ තමන්ගෙ වෙබ් අඩවියෙ දැන්වීම් ලඟින් තම්නගෙ දැන්වීම් උඩ ක්ලික් කරන්න කියල ලියා ගන්නවා.මේ වගෙ මෝඩ වැඩ නම් බැරි වෙලා වත් කරන්න එපා.



3.ක්ලික් ක්ලබ්ස් වලට බැඳෙන එක

සමහර සමාජ තියෙනවා "ක්ලික් ක්ලබ්ස්" කියලා.ඒ වල වෙන්නෙ එක එක සාමාජිකයෝ අනිත් අයගෙ දැන්වීම් උඩ ක්ලික් කර ගන්න එක.ඔව දැන් කල් පැනපු වැඩ.ඕව දැන් ඉක්මනට මාට්ටු වෙනවා.



4.යාලුවන්ට ක්ලික් කරන්න කියල ඊමේල් යවන එක

කවදාවත් යාලුවන්ට තමන්ගෙ වෙබ් අඩ්වියෙ තියෙන දැන්වීම් ක්ලික් කරන්න කියල කියන්න එපා.ඔයාලව නිකන්ම බෑන් වෙයි.



5.ඉන්ටනෙට් කැෆෙ එකකට පැනල දැන්වීම් ක්ලික් කරන එක

ඉන්ටනෙට් කැෆෙ එකකට පැනල දැන්වීම් ක්ලික් කරත් එකයි ගෙදර ඉන්ඩන් ක්ලික් කලත් එකයි.එකම වෙනස තමා කැෆෙ එකෙදි නෙට් යන්න සල්ලි යන එක.ඔය වගෙ දෙකයි පනහෙ ට්‍රික්ස් දාල අඩ්සෙන්ස් ලව රවට්ටන්න ඔයාලට බෑ.



6.සින්ග්ලිශ් වලින් danweemak uda click karanna කියල ලියන එක

ඔන්න ඉතින් අපෙ අය කරන තවත් එක් ගොන් වැඩක්.ගූග්ල් ලට ඔයගොල්ලො හිතනවට වඩා මොලේ තියෙනවා.


7.දැන්වීමක් උඩ ක්ලික් කරන්න එපා කියල ලියන එක

අනෙ සමහරුන්ටත් එන අදහස්.ඕක කවුරු හරි අත්හදා බලන්න ඉන්නවා නම් මට කියන්න තියෙන්නෙ එක දෙයයි.ඕනි නැට්ටක් කර ගන්න.


අන්තිම අවවාදය , මොකුත් හොර වැඩ කරන්න එපා.

1 comment:

PaidVerts